අලි එළවීමට මීමැස්සන් මෙන්න ක්‍රමය..(VIDEO)

BADULLA ELEPHANTS BEES SUDHARSHANA DENIPITIYA BUDANKOTTA - MINIPE
By Sewvandhi Sep 25, 2021 06:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වනඅලි එළවීම සඳහා මීමැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී ඒ බව අනාවරණය විය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පැවසුවේ බුද්ධංකෝට්ටේ සිට මිණිපේ ඇළ දක්වා ඉදිකරක අලිවැට සමග මීමැස්සන් යෙදවීමට එලෙස නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවය.

අලිවැට හෙවත් විදුලිවැටේ කණුවල මීමැසි පෙට්ටි සවිකර මෙම ව්‍යාපෘතිය දියත් කරයි. බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිදුවූ වනඅලි ප්‍රහාරවලින් මෙම වසර තුළ මිනිස් ජීවිත 9ක් අහිමි වී තිබේ.

සිදුවී ඇති දේපොළ හානි සංඛ්‍යාව 200කට අධිකය. එම වන්දි ලෙස රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් ලබාදී ඇති බවත් මෙම රැස්වීමේදී අනාවරණය විය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now