මේ මාර්ග භාවිතා කරන සියලුම දෙනා විකල්ප මාර්ග භාවිතා කරන්නැයි දැනුම්දීමක්.
67 වන වරට පවත්වනු ලබන වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහර අද (14) දින වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙන බව දැනුම්දී තිබෙනවා.
පෙරහැර අද රාත්‍රී 07.00 සිට හෙට (15) දින අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
පෙරහර හැඳල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී හැඳල මාර්ගය ඔස්සේ හැඳල හන්දිය දක්වා ගමන් කර කොළඹ – මීගමුව මාර්ගය හරහා ගොස් පරණ මීගමුව මාර්ගය ඔස්සේ ගමන්කර නැවත කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිස අල්විස් ටවුන්, හැඳල හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම පෙරහර ගමන් ගන්නා කාලය තුල මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දෙනු ලබයි.
විකල්ප මාර්ග
කොළඹ දෙස සිට මීගමුව දෙසට ගමන් කරන වාහන • කොළඹ කටුනායක අධිවේගී මාර්ගය.
• හේකිත්ත හන්දියෙන් වමට හැරී හේකිත්ත මාර්ගය ඔස්සේ ඇලකන්ද සිට මීගමුව දක්වා ගමන් කිරීම.
• හේකිත්ත හන්දියෙන් වමට හැරී ඇලකන්ද මාර්ගයෙන් ගමන් කර පල්ලියවත්ත පාලමෙන් වමට හැරී වෙරළ අබියස මාර්ගයෙන් මීගමුව දෙසට ගමන් කිරීම.
• කොළඹ, මෝදර, මට්ටක්කුලිය හරහා කදිරාන පාලමෙන් ඇලකන්ද මාර්ගය ඔස්සේ මීගමුව දෙසට ගමන් කිරීම.
• ඇවරියවත්ත හන්දියෙන් දකුණට හැරී ඇවරියවත්ත, හුණුපිටිය, කඩවත, එඬේරමුල්ල, කිරිබත්ගොඩ, ගණේමුල්ල, රාගම යන ප්‍රදේශවලට ගමන් කරන වාහන වලට එම මාර්ගයේ ගමන්කිරීමට පුලුවන්.
• මහබාගේ දක්වා ගමන් ගන්නා රථවාහන කෙරවලපිටිය, ඇලකන්ද මාර්ගය ඔස්සේ කුඩගහපිටිය හන්දියෙන් ගමන් කර නාවික හමුදා ඉන්ධන හල අසලින් ලක්ස්ප්‍රේ ආයතනය අසලන් ප්‍රධාන මාර්ගයට ඇතුළු විය හැකයි.
✅ මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන✅
• කොළඹ කටුනායක අධිවේගී මාර්ගය.
• ජාඇල අධිවේගී පිවිසුම හා කෙරවලපිටිය අධිවේගී පිවිසුම ඔස්සේ පිවිස කොළඹට ඇතුල් වීමට පුලුවන්.
• මහබාගේ ලක්ස්ප්‍රේ ආයතනය ඉදිරියෙන් දකුණට හැරී කුඩගහපිටිය හන්දියෙන් කෙරවලපිටිය මාර්ගය ඔස්සේ ගමන් කර කෙරවලපිටිය ප්‍රාදේශිය සභාව අසලින් දකුණට හැරී ඇලකන්ද හන්දියට ගොස් වමට හැරී ඇලකන්ද මාර්ගයෙන් කදිරාන පාලමෙන් මට්ටක්කුලිය හා මෝදර හරහා කොළඹට ගමන් කිරීම.
• මහබාගේ ලක්ස්ප්‍රේ ආයතනය ඉදිරියෙන් දකුණට හැරී කුඩගහපිටිය හන්දියෙන් කෙරවලපිටිය මාර්ගය ඔස්සේ ගමන් කර කෙරවලපිටිය ප්‍රාදේශිය සභාව අසලින් දකුණට හැරී ඇලකන්ද හන්දියට ගොස් වමට හැරී ඇලකන්ද මාර්ගයෙන් කදිරාන පාලම අසලින් වමට ඇති හේකිත්ත මාර්ගය ඔස්සේ හේකිත්ත හන්දියෙන් දකුණට හැරී කොළඹට ගමන් කිරීම.
• බංගලාවත්ත හන්දියෙන් දකුණට හැරී බංගලාවත්ත මාර්ගය ඔස්සේ කෙරවලපිටිය මාර්ගයේ ගමන්කර කෙරවලපිටිය හන්දියෙන් දකුණට හැරී ගමන්කර ඇලකන්ද හන්දියෙන් වමට හැරී ඇලකන්ද වංගුව අසලින් වමට හැරී හේකිත්ත මාර්ගයේ ගමන්කර දකුණට හැරී කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ හැකියි.
You May Like This Video
