ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සම්පත් දායකයා නිල වශයෙන් ඉවත් වෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සම්පත් දායකයා වූ අමෙරිකාව ඊයේ (22) දින සිට නිල වශයෙන් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි පදවිප්‍රාප්තිය සිදුවූ ඉකුත් වසරේ ජනවාරි 20 වැනිදා අත්සන් තැබූ විධායක නියෝගයට අනුව බව සඳහන්.
එමෙන්ම සංවිධානයේ නීතිවලට අනුව එහි සාමාජිකත්වයෙන් ඉවත්විය හැක්කේ නීත්‍යනුකූල දැනුම්දීමක් කර වසරකින් පසුව පමණක් වන අතර, අඳාළ කාලය තුළත් සාමාජික මුදල් ගෙවිය යුතු බව සඳහන්.
එසේ වුවත් ඒ වසර වෙනුවෙන් නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 260 අමෙරිකාව තවමත් ගෙවා නොමැති බවද වාර්තා වේ.