බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන මෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි ඇත.
ඒ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින්.
එබැවින් බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එසේ ඉවත් වන මෙන් දැනුම් දී ඇත.
එමෙන්ම ඉරානයට එරෙහිව තවමත් බරපතළ ප්‍රහාර එල්ල කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ, ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන ව්‍යර්ථ කිරීම වෙනුවෙන් ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළේ මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින්.
එමෙන්ම සති හතරක හෝ පහක කාලයක් මෙම ගැටුම් පවතිනු ඇති බවට මින් පෙර ඇස්තමේන්තු කර තිබුණත් ඒ වෙනුවෙන් ඊට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.