ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට
එක්සත් ජනපදය මඟින් ඔවුන්ගේ ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
USS Gerald R Ford නම් වූ අඳාළ ගුවන් යානය ගුවන් යානා 90ක් පමණ රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව ද වන බව වාර්තා වේ.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෑත සතිවලදී එක්සත් ජනපදය මඟින් කැරබියන් දූපත්වල සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටින අතර මේ සඳහා තවත් යුද නැව් 8ක් න්‍යෂ්ටික සබ්මැරීනයක් මෙන්ම F-35 ගුවන් යානාද ඇතුළත් බවයි.
මේ අතර පෙන්ටගනය මෙම නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවට නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් මෑත කාලිනව එක්සත් ජනපද හමුදාව මඟින් ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවරාම් කරන බවට චෝදනා එල්ල වන බෝට්ටුවලට නිරන්තර ප්‍රහාර එල්ල කරන අතර එහි නවතම ප්‍රහාරය වූයේ කැරිබියන් දූපත්වල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ල වූ බෝට්ටුවකට එක් රැයකදී එල්ල කළ ප්‍රහාරයයි.
එම අවස්ථාවේදී එම බෝට්ටුවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම ඉකුත් මාසයේ එක්සත් ජනපදය සිය මෙහෙයුම ආරම්භ කළදා පටන් ඉලක්ක කරගත් බෝට්ටු සංඛ්‍යාව 10ක් දක්වා සහ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.