ඉරානෙට විරුද්ධව ට්‍රම්ප් යුක්‍රේනයෙනුත් සහය ඉල්ලයි
ඉරාන ඩ්‍රෝන යානාවලින් ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේනයෙන් සහය ඉල්ලා ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
ඒ අනුව යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින් තමන් සමග සම්බන්ධ වෙමින් සිටින බවත්, "අමෙරිකානු පාර්ශ්වයෙන් ඉල්ලීම් ලැබී ඇති" බවත්, ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම සෙලෙන්ස්කි වැඩිදුරටත් පැවසුවේ, යුක්‍රේන විශේෂඥයින්ගේ සහභාගීත්වය මගින් අවශ්‍ය සම්පත් සැපයීම සහ ආරක්ෂාව තහවුරු කළ හැකි බව තමන් උපදෙස් ලබා දී ඇති බවයි.
කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි
මෙම යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති Donald Trump පැවසුවේ, “ඕනෑම රටකින් ලැබෙන ඕනෑම සහය මම භාර ගන්නවා” යනුවෙනි.
ඊට පෙර, සෙලෙන්ස්කි පැහැදිලි කර තිබුණේ, යුක්‍රේනයේ ආරක්ෂාවට බාධාවක් නොවන තත්ත්වයක් සහ රාජ්‍ය තාන්ත්‍රික වාසි ලැබීමේ අවස්ථාවක් පමණක් ඇති වුවහොත් යුක්‍රේනය සහය ලබා දෙන බවයි.
විශේෂයෙන්, රුසියානු බැලස්ටික් මිසයිලවලින් ආරක්ෂා වීමට අමෙරිකානු ‘පැට්‍රියට්’ (Patriot) ගුවන් ආරක්ෂක පද්ධති ලබා ගැනීම වෙනුවෙන්, යුක්‍රේනය තම රටේ ඩ්‍රෝන මර්දන යානා හුවමාරු කිරීමට සූදානම් බව සෙලෙන්ස්කි සඳහන් කර ඇත.