සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙයි

Report

අනුරාධපුර රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහයක නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අද (26) යළි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග අද පැවැත්වීමට නියමිතය.