අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම සාකච්ඡාව පවතන විදිහ මෙන්න

Report

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් මේ සති අන්තයේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි මහතා සඳහන් කරයි.

විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙවර සාකච්ඡා මීට පෙර පැවති සාකච්ඡාවලට වඩා බෙහෙවින් පුළුල් පරාසයක විහිදෙනු ඇති බවයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

සාමාන්‍යයෙන් පරමාණුක බලශක්තිය සහ න්‍යෂ්ටික වැඩසටහන්වලට පමණක් සීමා වූ කරුණු මෙවර වෙනස්ම මුහුණුවරක් ගනිමින් කලාපීය ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක මාතෘකා කිහිපයක් කරා යොමු වී ඇත.

ඒ අනුව දෙපාර්ශ්වය අතර පවතින මිසයිල පද්ධති ක්‍රියාකාරීත්වය, කලාපය තුළ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම සහ දෙරටටම අදාළ වන ආරක්ෂක සහතික ලබාදීම පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිත වේ.

මේ මං තනිකඩව ඉන්න අවසාන උපන්දිනය - ඉසුරු දේශනි යුග දිවියට

මේ මං තනිකඩව ඉන්න අවසාන උපන්දිනය - ඉසුරු දේශනි යුග දිවියට

ඒ අනුව මෙම සාකච්ඡා වටය මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා එල්ල කරන ලද දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ හඳුන්වති.

පකිස්ථානය මෙහිදී මැදිහත්කරු ලෙස කටයුතු කිරීම ද විශේෂත්වයක් වන අතර, සාකච්ඡාවල සාර්ථකත්වය මත කලාපයේ ඉදිරි යුදමය තත්ත්වයන් තීරණය වනු ඇතැයි ග්‍රොසි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.