යුද්දෙන් පැරදුනු එක ගිවිසුමක් බව බොරු කියන්න එපා - ඉරානයෙන් කොන්දේසි 5ක්

Report

පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවකට ඉරානය සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවත්, යුද්ධය අවසන් කිරීම සිදුවිය යුත්තේ ටෙහෙරානයේ කොන්දේසි සහ කාලසටහනකට අනුව පමණක් බවත් ඉරානයේ 'ප්‍රෙස් ටීවී' පුවත් සේවය වාර්තා කර ඇත.

ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා ඉරානය විශේෂිත කොන්දේසි 5ක් ඉදිරිපත් කර ඇති බවයි.

යුද්දේ ආයෙත් උඩුදුවයි - ඇමරිකාවේ විශාලතම ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ප්‍රහාරයක්

යුද්දේ ආයෙත් උඩුදුවයි - ඇමරිකාවේ විශාලතම ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ප්‍රහාරයක්

ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි 5 පහතින්,

01 ආක්‍රමණ සහ ඝාතන නැවැත්වීම: සතුරා විසින් සිදු කරනු ලබන "ආක්‍රමණ සහ ඉලක්කගත ඝාතන" සම්පූර්ණයෙන්ම නතර කිරීම.

02 නැවත යුද්ධයක් ඇති නොවන බවට සහතික වීම: ඉරානය මත නැවත යුද්ධයක් පටවනු නොලබන බව සහතික කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.

03 යුද හානි වන්දි: යුද්ධයෙන් සිදු වූ හානි සඳහා සහතික කරන ලද සහ පැහැදිලිව නිර්වචනය කරන ලද වන්දි ගෙවීමක් සිදු කිරීම.

04 කලාපයේ සියලු පෙරමුණු සහ එහි විසිරී සිටින සියලුම ප්‍රතිරෝධී කණ්ඩායම් සඳහා යුද්ධය අවසන් කිරීම

05 හෝමූස් සමුද්‍ර සන්ධිය පිලිබඳව ඉරානයට ඇති පරමාධිපත්‍ය අයිතිය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම සහ සහතික කිරීම්.

උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුද ගැන කට අරී - දැන් ආයේ හරවන්න බෑ - කිම් ජෝන් උන් කියයි

උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුද ගැන කට අරී - දැන් ආයේ හරවන්න බෑ - කිම් ජෝන් උන් කියයි