ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ(24) දින පුද්ගලයන් 27994 ක් පරික්ෂා කර 493ක් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දන්වා ඇත.

ශ්‍රී ලංකා පොලිසිය අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම කොට්ඨාශ මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර ඇත.

රාජ්‍ය සේවකයන්ගේ ගැටලු වලට විසදුම් - රාජ්‍ය සේවය විධිමත් කිරීමට වැඩපිළිවෙලක්

රාජ්‍ය සේවකයන්ගේ ගැටලු වලට විසදුම් - රාජ්‍ය සේවය විධිමත් කිරීමට වැඩපිළිවෙලක්

මේ දිනවලදී සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී රථවාහන සහ වෙනත් වැරදි සඳහා 4256 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබෙන්නේ තවද දිවයින පුරා කරන ලද විමර්ශනවලින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් නිසා සැකකරුවන් 67 දෙනෙකු සහ බීමත් රියදුරන් 171 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ බව සෘජුව හදුනාගත් පුද්ගලයින් 18 දෙනෙකු සහ අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරින්තුකරුවන් 140 දෙනෙකුද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර ඇත.

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්