ඇමරිකාව සටන් විරාමයකට යයි - ඉල්ලීම් සහ කොන්දේසි ලේඛනයක් පකිස්තානය හරහා ඉරානෙට

Report

අමෙරිකාව ඉදිරිපත් කළ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් විශේෂ ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දී ඇති බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

ට්‍රම්ප් පරිපාලනය විසින් පාකිස්තානය වෙත ලබා දුන් මෙම නිල ලේඛනය ඉරාන බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර, මේ වන විට එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉරානය දක්වන ප්‍රතිචාරය පිළිබඳව පාකිස්තානය දැඩි අවධානයෙන් පසුවෙයි.

අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා පාකිස්තානය මෙහිදී ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින බව ද එම වාර්තා පෙන්වා දෙයි.

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

මෙම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ තීරණාත්මක පියවරක් ලෙස, ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් අතර සෘජු හමුවක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වීමට ද වැඩි ඉඩකඩක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කලාපීය සාමය උදෙසා පාකිස්තානය ගෙන යන මෙම උත්සාහය හමුවේ ඉරානය සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය ඉදිරි දිනවලදී මැදපෙරදිග දේශපාලන ගමන් මඟ තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇත.

ඉරානයෙන් පකිස්ථානයට කනේ පාරක් - එපා කියද්දී හොරෙන් කරන්න ගියපු වැඩක් මාට්ටු

ඉරානයෙන් පකිස්ථානයට කනේ පාරක් - එපා කියද්දී හොරෙන් කරන්න ගියපු වැඩක් මාට්ටු