මේ මං තනිකඩව ඉන්න අවසාන උපන්දිනය - ඉසුරු දේශනි යුග දිවියට
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන දේශානී නෙහාරා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන කලාකරුවන් දෙපලක්.
මේ කලාකරුවන් පිළිබඳව පසුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම නොයෙකුත් පුවත් හුවමාරු උනා.
එසේ කතාබහට ලක්වුණු හේතු කාරණා කුමක් වුවත් මේ වන විටත් ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරණීය යුවළක් ලෙස එකට ජීවත් වෙනවා.
පසුගිය දවසක ඉසුරුගේ උපන්දිනය යෙදිලා තිබුණා.
එහිදී ඉසුරුගේ උපන්දිනය වෙනුවෙන් දේශානි ආදරණීය සුබ පැතුමක් වගේම ඔහු වෙනුවෙන් පුංචි පාටියකුත් සංවිධානය කරලා තිබුණා.
ඒඅනුව ඇය ඉසුරු නිවේදනය කළ ජනප්‍රිය තරු වැඩසටහනකදී birthday cake එකක් අරගෙන ගිහින් ඔහුව සප්‍රයිස් කරා. ඒ අවස්ථාවේදී ඉසුරු දේශානිවත් ළඟින් තියාගෙන
" මේ තනියම ඉන්න අවසාන birthday එක " යනුවෙන් සඳහනක් කර තිබේ.ඒ අනුව ඔවුන් දෙදෙනා ඉතාමත් නොබෝ දිනකදී උතුම් යුග දිවියට පා තැබීමට සූදානම් බව තමයි ආරංචි වෙන්නේ.