ඉරානයේ කොන්දේසි මැද නෞකාවක් හෝමුස් හරහා ගමන් කරයි

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පනවා ඇති නව කොන්දේසි මාලාවකට අනුකූලව පමණක් එම මුහුදු මාර්ගය භාවිතා කළ යුතු බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම නව සීමා කිරීම් මධ්‍යයේ අද (25) දිනය තුළ එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ චීනයට අයත් 'Egret' නැමති තෙල් ප්‍රවාහන නෞකාව පමණක් වන අතර, එය සුපුරුදු නෞකා මාර්ගයෙන් බැහැරව ඉරාන වෙරළ තීරයට ඉතා සමීපව ගමන් කර තිබීම විශේෂත්වයකි.

තමන්ට එරෙහි යුදමය කටයුතුවලට සම්බන්ධ නොවන සහ සතුරු නොවන රාජ්‍යයන්ට අයත් නෞකාවලට පමණක් මෙම මාර්ගය විවෘතව පවතින බව ඉරානය අවධාරණය කර ඇති අතර, ඒ සඳහා ඉරාන බලධාරීන් සමඟ කල්තියා සම්බන්ධීකරණය විය යුතු බවට ද දැඩි කොන්දේසියක් පනවා තිබේ.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මෙම නව නීති රීති ක්‍රියාත්මක වීමට පෙර, එනම් ඊයේ දිනයේදී චීනය, ඉන්දියාව සහ පැනමාව යන රටවලට අයත් නෞකා හයක් මෙම මුහුදු සන්ධිය පසු කර ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඉරානය විසින් පනවා ඇති මෙම නව කොන්දේසි හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන ගෝලීය තෙල් ප්‍රවාහනයට සහ නාවික ගමන් බිමන්වලට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව නාවික ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති. ඉරානයේ මෙම දැඩි ස්ථාවරය හේතුවෙන් ඉදිරි දිනවලදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් ද පවතී.

බදාදා රජයේ නිවාඩු දිනයේ මේවා කරොත් අත්අඩංගුවට

බදාදා රජයේ නිවාඩු දිනයේ මේවා කරොත් අත්අඩංගුවට