සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති පුටුවට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නිල සංචාරයක් සඳහා රුමේනියාව බලා පිටත්ව යාම හේතුවෙන්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ එකඟතාවය මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ලබන 31 වැනිදා දක්වා වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරී කටයුතු සිදු කිරීමට නියමිතය.
පොලිස්පතිවරයා විදෙස්ගතව සිටින කාල සීමාව තුළ මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන සහ ආරක්ෂක කටයුතු මෙහෙයවීම මෙම පත්වීමේ ප්‍රධාන අරමුණයි.