ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්..චීනයත් විරුද්ධ වෙයි..

China Sri Lanka American World news
By Aruna Nov 26, 2021 05:29 AM GMT
Aruna

Aruna

Report

එළැඹෙන මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ලෝකයේ රටවල් 110ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව මාලදිවයින නේපාලයට ද ආරාධනා කර තිබේ.

ප‍්‍රබල චීනය රුසියාව හා දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයටද මෙම සමුළුවට ඇමරිකාව විසින් ආරාධනා කර නැත.

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ආරාධිත රටවල් ලයිස්තුවට තායිවානය ඇතුලත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඇමරිකාවට දැඩි විරෝධයක් එල්ල කරමින් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now