ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ මිල නැවතත් ඉහළට - අද විනිමය අනුපාතික මෙන්න
අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (07) දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ අනුව, ඇතැම් බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 335 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
සෙලාන් බැංකුවේ (Seylan Bank) අද දින ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.35 සිට රුපියල් 326.60 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.60 සිට රුපියල් 335.80 දක්වා ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.25 සිට රුපියල් 326.50 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.25 සිට රුපියල් 335.50 දක්වා ඉහළ ගොස් ඇත
මහජන බැංකුව (People’s Bank) වාර්තා කරන විනිමය අනුපාතික අනුව, ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.53 සිට රුපියල් 326.92 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.62 සිට රුපියල් 335.03 දක්වාත් ඉහළ ගොස් තිබේ.
වාණිජ බැංකුවේ (Commercial Bank) ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.59 සිට රුපියල් 324.84 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50 සිට රුපියල් 334.75 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.50 සිට රුපියල් 327.00 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50 සිට රුපියල් 335.00 දක්වාත් ඉහළ ගොස් තිබේ.