“අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අවසන් කරනවා” - ඇමරිකාව කියයි

Report

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා ඇත්තේ, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන මෙම යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික හා සංකීර්ණතම ගුවන් මෙහෙයුම්වලින් එකක් බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝග මත මෙය ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය. 

ඔහු මේ බව කියා සිටියේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු අවධාරණය කළේ, වසර 47ක ඉරාන ත්‍රස්තවාදය හා එරට සටන්කාමීත්වයට ජනාධිපති ට්‍රම්ප් විසින් අවසානයක් ලබා දී ඇති බවයි.

ජාත්‍යන්තර උණුසුම අතර ඉරානයේ ආරක්ෂාවට චීනයේ සහය

ජාත්‍යන්තර උණුසුම අතර ඉරානයේ ආරක්ෂාවට චීනයේ සහය

"අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය අවසන් කරනවා"

යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඉරානය වැනි රටවල පාලන තන්ත්‍ර සතුව න්‍යෂ්ටික අවි තිබිය යුතු නොවන බවත්, එය වැළැක්වීමට අවශ්‍ය ශක්තිය ජනාධිපති ට්‍රම්ප් සතු බවත් හෙග්සෙත් පෙන්වා දුන්නේය.

"තවත් එපා.. බලගතු රටවල් මැදිහත් වෙන්න" - මහින්ද

"තවත් එපා.. බලගතු රටවල් මැදිහත් වෙන්න" - මහින්ද

පසුගිය වසරේ (2025 ජූනි මාසයේ) ක්‍රියාත්මක වූ 'ඔපරේෂන් මිඩ්නයිට් හැමර්' (Operation Midnight Hammer) මගින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කර ඇති බව ඔහු සිහිපත් කළේය. වත්මන් මෙහෙයුම 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) ලෙස හැඳින්වෙන අතර, එහිදී ටෙහෙරානයේ මිසයිල පද්ධති, නාවික හමුදාව හා අනෙකුත් ආරක්ෂක යටිතල පහසුකම් විනාශ කිරීම අරමුණු කර ඇති බව ඔහු පැහැදිලි කළේය.

යුද මෙහෙයුම් අතරතුර විපක්ෂ නායක සජිත් පක්ෂ නායකයන් කැඳවයි

යුද මෙහෙයුම් අතරතුර විපක්ෂ නායක සජිත් පක්ෂ නායකයන් කැඳවයි

මෙය පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ යුද්ධයක් නොවන බවත්, නමුත් ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන් අවසන් කිරීමක් බවත් ඔහු අවධාරණය කළේය. මෙම මෙහෙයුම අවසානයක් නොමැති යුද්ධයක් බවට පත් නොවන බවටද ඔහු සහතික විය.

එසේම, අමෙරිකානුවන්ට තර්ජනයක් වන ඕනෑම පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කිසිදු පැකිලීමකින් තොරව හඹා ගොස් දඬුවම් කරන බව ඔහු අනතුරු අඟවමින් පැවසීය. "මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව තීරණ ගන්න" යනුවෙන් ඉරාන ආරක්ෂක අංශ වෙතද ඔහු ආමන්ත්‍රණය කළේය.

මෙහෙයුම් අතරතුර මියගිය අමෙරිකානු හමුදා භටයන් සිහිපත් කළ ඔහු, ඉරාන ජනතාවටද මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම රජය වෙනස් කර ගැනීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉරානයට පහරදීමට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරයි

ඉරානයට පහරදීමට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරයි