ඉරානයට පහරදීමට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරයි
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් පවසා ඇත්තේ, ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති ඉලක්කවලට ආරක්ෂක ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට එක්සත් ජනපදය කළ ඉල්ලීමට එක්සත් රාජධානිය එකඟ වී ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඉරාකයේදී සිදුවූ වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන ඇති බවත්, එක්සත් රාජධානිය මීට පෙර ඉරානයට එල්ල කළ මුල් ප්‍රහාරවලට සම්බන්ධ නොවූ බවත්, දැන්ද සෘජුව ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවන බවත් අවධාරණය කරමිනි.
එක්සත් ජනපද ඉල්ලීම පිළිගැනීමට ගත් තීරණයේ පදනම වන්නේ මිත්‍ර පාක්ෂිකයන්ගේ සාමූහික ආත්මාරක්ෂාව සහ බ්‍රිතාන්‍ය ජීවිත ආරක්ෂා කිරීම බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඉරානය කලාපය පුරා මිසයිල විදහා එල්ල කිරීම වැළැක්වීම, නිර්දෝෂී සිවිල් වැසියන්ගේ ජීවිත බේරා ගැනීම, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කළේය.
වාර්තා අනුව, ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති ස්ථානවලට පහරදීම සඳහා එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේ ඩියාගෝ ගාර්සියා (Diego Garcia) ඇතුළු බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීමට ඉඩ ඇත. එසේම එංගලන්තයේ RAF Fairford කඳවුර ද භාවිතා විය හැකි බව විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් අවධාරණය කළේ, එක්සත් ජනපදය ඉරානයේ මිසයිල මූලාශ්‍රයේදී විනාශ කිරීමේ නිශ්චිත සහ සීමිත ආරක්ෂක අරමුණක් සඳහා පමණක් මෙම කඳවුරු භාවිත කළ යුතු බවයි.