මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මැදපෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල වූ ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කළ බවයි.ඔහු පැවසුවේ
- සුහද සංචාරයක් සඳහා ඉරාන නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉරානය කළ ඉල්ලීම
- මත්තල ගුවන් තොටුපළේ සිය ප්‍රහාරක ජෙට් යානා දෙක ගොඩබෑමට අමෙරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම
යන දෙකම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළ බවයි. "ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය යන දෙපාර්ශ්වයම කළ ඉල්ලීම් දෙක ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවය පවත්වා ගෙන ගියේය" යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙය මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක බලවතුන්ගෙන් එල්ල වන බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මධ්‍යස්ථභාවය තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.