ලංකාවට උදව් කරන්න ඇමරිකාවෙන් සුපිරි හර්කියුලිස් යානා දෙකක් බස්සයි [PHOTO]
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) 'C-130J' සුපර් හර්කියුලීස් ගුවන් යානා 2ක් අද (7) පස්වරුවේ කටුනායකට පැමිණ ඇත.
ගුවන් භටයින් සමග පැමිණි මෙම යානා ද්විත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නම්කරන ප්‍රදේශවලට භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ක්ෂණික ප්‍රවාහන සහ සැපයුම් සඳහා සහාය ලබාදීමට සූදානම් බව වාර්තා වේ.