ජනපති දැඩි තීරණයක - වහාම ජනතාවටත් දන්වයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටීමක් සිදුකර තිබෙනවා.
ඒ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම ලබාදෙන ලෙසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් උත්සවය අමතමින් ය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉඩම් උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවය.
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරුණේ ය.
ඒ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ය.
කෙසේ වෙතත්, එහිදී සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,758ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු පිරි නැමුණේ ය.