උපුල්දෙණිය යළි රිමාන්ඩ්
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලා.
එමෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ බව සඳහන් කළේ අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.
ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
