ජිවිතේ දෙපාරක් වැරදුනා. දෙවනිපාර වැරදුනේ මල්ලි කෙනෙක් බැන්ද නිසා. උපේක්ෂා ස්වර්ණමාලි.

By Sithumi Nov 02, 2021 05:22 PM GMT
Sithumi

Sithumi

Report
171 Shares

උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්ද වෙනවා. සිය දක්ෂතා මගින් නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නට සමත් වූ ඇය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වී ඇත. ඒ නිසාම උපේක්ෂා ස්වර්ණමාලි කියන නම ඇසූ පමණින්ම ඇය නොහදුනන කිසිවෙක් ලංකාවේ නැති තරම් ය. උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද වෙනවා. 

ඉතාමත්ම ක්‍රියාකාරී චරිතයක් වූ ඇයට මහජන ගෞරවයද නොඅඩුව ලැබුණා.සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්.ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද “පබා” නාට්‍ය මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. ඇයගේ අලුත්ම තොරතුරුයි මේ.

ඉතින් කොහොමද ඔබේ ජිවිතේ දැන් කාර්යබහුල වෙලාද? 

ඔව්. බාබා ලැබිලා අවුරුද්දක් හමාරක් යනකම් මුකුත් කළේ නැහැ. දැන් දුවට අවුරුදු දෙකයි. සේරම වැඩ එක පාර ආවා වගේ.මේ දවස් වල ස්වර්ණවාහිනියේ විකාශය වන පනා මංකඩ ටෙලි නාට්යේ වැඩ කටයුතු කරගෙන යනවා. ලොකු කාලෙකට පසුව මං සිනමාවට ආවා. මායා ෆිල්ම් එකේ තමයි අන්තිමයට හිටියේ. 

මං කලින් කිව්වා වගේ මානය වෙනස්ම අත්දැකීමක්. වසන්ත කුමාරවිල අයියා උපරිමයෙන් දායක වෙලා තියෙනවා සටන්වලදී. අපූර්ව සටන් ටිකකුත් බලාගන්න පුළුවන්. අලුත් අධ්‍යක්ෂවරයකුත් සිනමාවට එනවා අංජු ධනංජය කියලා. චිත්‍රපටය බලලා හොඳ නරක කියන්න. බනින එක විතරක් කරයිද දන්නේ නැහැ.. ෆිල්ම් එකක්නෙ. අපේකම ඉස්මතු වෙන ෆිල්ම් එකක්.

ඔබේ දියණිය නිළියක් කරන්න අදහසක් නැද්ද? 

මං ආව විදිහට එයාට එන්න දෙන්නේ නැහැ. දන්නවනෙ ක්ෂේත්‍රයේ තියෙන අර්බුද, ප්‍රශ්න අතරේ මං මේකට ආවේ. දුවට මුලින්ම හොඳට උගන්වනවා. උගත්කම දෙනවා. ඒ වයසෙදි එයාගේ කැමැත්තට ඉඩ දෙනවා. එයාව උනන්දු කරනවා. පූජා . . . ජැක්ලින් බලන්න . . . අන්න ඒ වගේ නිළියක් වෙනවට මං ආසයි.මං එච්චර තැනකට ආවේ නැහැ. පූජලා, ජැක්ලින්ලා ඉන්න තැනට එන්න මං උත්සාහ කළේ නැහැ. 

හරි වයසෙදි, නිසි වෙලාවට අවශ්‍ය දේ කළා නම් හරිනෙ. ඒත් මට එහෙම වෙන්න ලැබුණේ නැහැ.ලද බොලඳ චරිත අද මං කරන්නේ නැහැ. දැන් ඉතින් දෙනවක හාමිනේ වගේ තමයි. මැරෙනකම්ම රඟපානවා. හැබැයි හොඳ දේවල්

ජිවිතේ මොකද වැරදුනේ? 

වැරැදි දෙකයි වුණේ. ජිවිතේ දෙපාරක්ම වැරදුනා. දෙවැනි පාර මට වඩා වයසින් බාල කෙනෙක් බැන්දේ දැන් එයත් නෑ උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාගේ ජීවිතය ඒකෙන් කඩාකප්පල් වුණා. ඉතුරු ටික තමයි මේ ඇදගෙන යන්නේ.මගේ තරුණ කාලේ අපතේ ගියා. හිතාගන්නවත් බැරි විදිහට අපතේ ගියා. හරියට යමක් කරන්න ලැබුණු නිර්මාණත් හොඳටම මදි. මං පිටරටක හැදුණ කෙනෙක්. මගේ ඉංග්ලිෂ් දැනුමින් මමවත් තවම ප්‍රයෝජනයක් ගෙන නැහැ. මගේ හැකියාව කාලයක් එක්කම නිස්කාරණේ ඉබාගාතේ ගියා. 

තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. හොඳ නිර්මාණ එන්න ඕනෑ වැඩ පෙන්වන්න පුළුවන් එතකොට.ඉස්සර අරමුණක් තිබුණේ නැහැ. අද විතරයි. අද කෑවා බිව්වා. ඊට පස්සේ මුකුත් නැහැ. අද ජීවත් වුණා නම් ඇති. අම්මෝ දැන් එහෙම නැහැ. හෙට අනිද්දා ඊළඟට තව තව ප්ලෑන් කරනවා. කෙටියෙන්ම කිව්වොත් මැරුණට පස්සෙත් වෙන දේවල් පවා ප්ලෑන් කරගෙන ඉන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGallery