සුප්‍රකට ව්‍යාපාරික උපාලි ජයසිංහ මියගිය බවට පලවන වාර්තා අසත්‍යයි 

Adaderana.lk
By Sithumi May 27, 2021 04:03 PM GMT
Sithumi

Sithumi

Report

හදිසි අනතුරකට ලක්වූ ව්‍යාපාරික උපාලි ජයසිංහ මියගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අනාවරණ වී තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරාගේ ස්වාමි පුරුෂයා වන උපාලි ජයසිංහ මෙම අනතුරට පත් වන්නේ ඉකුත් 24 වනදායි. ඒ, ඔහු ව්‍යායාම් සඳහා මාර්ගයේ ඇවිදිමින් සිටින අතරතුරයි.

අනතුරෙන් පසු රෝහල් ගත කළ උපාලි ජයසිංහ මියගොස් ඇති බවට මේවනවිට සමාජ මාධ්‍යයේ විවිධ ප්‍රචාර පැතිර ගිය ද ඔහු කොළඹ පෞද්ගලික රෝහලක හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි තහවුරු කෙරුණේ.

මේ අතර උපාලි ජයසිංහ ඉකුත් දා මෙම අනතුරට පත්වූ අවස්ථාවේදී ඔහු සැලකිය යුතු වේලාවක් මහා මාර්ගයේ වැටී සිට තිබුණා. කිසිවෙකුත් ඔහුට උපකාර කිරීමට මැදිහත් නොවූ පසුබිමක මාර්ගයේ ගමන් ගත් වෛද්‍යවරයෙකු ඔහුව කොළඹ ජාතික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now