සජිත්ගේ නව බලවේගය? එජාප ප්‍රබලයෝ සමඟ තීරණාත්මක හමුව

Report

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර දිගුකාලීනව බලා සිටි තීරණාත්මක හමුවක් අද (30) දහවල් කොළඹදී පැවැත්විණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම සාකච්ඡාවට එජාප පාර්ශ්වය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නායකයන් වන අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහත්වරුන් සහභාගී වූහ.

සජිත්ගේ නව බලවේගය? එජාප ප්‍රබලයෝ සමඟ තීරණාත්මක හමුව | Unp Strongmen Meet Sajith In Crucial Talks

පැය කිහිපයක් පුරා සුහදශීලීව පැවැති මෙම සාකච්ඡාවේදී ජාතික අභියෝග සහ ඉදිරිදර්ශී ප්‍රතිපත්ති සකස් කිරීම පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය වූ බව වාර්තා වේ.

එමෙන්ම දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා එකඟතාවක් ඇති වී ඇති බවද දැනගන්නට තිබේ.