පලතුරු විකුණන වෙළදුන්ට රජයෙන් විශේෂ නීතියක් - මේ විදිහට ආයේ පලතුරු විකිණීම තහනම්

Report

විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් පළතුරු ඉදවීම සපිරිනම නතර කිරීම සඳහා අවශ්‍ය නව නීතිමය ප්‍රතිපාදන වහාම හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙලෙස අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා ඉක්මනින් ඉදවූ පළතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවයි.

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් - අද සිට වහාම ක්‍රියාත්මකයි

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් - අද සිට වහාම ක්‍රියාත්මකයි

විශේෂයෙන්ම කෙසෙල්, අඹ සහ ගස්ලබු වැනි බහුලව පරිභෝජනය කරන පළතුරුවලට මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම වර්තමානයේ දැවැන්ත සමාජ සහ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විටත් අදාළ වෙළෙඳුන් සහ නිෂ්පාදකයින් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් පසුවත් මෙම නීති විරෝධී ක්‍රමවේදය දිගින් දිගටම සිදු කරන්නේ නම් ඊළඟ පියවර ලෙස එම ස්ථාන වටලා අදාළ පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් නඩු පැවරීමට පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.

ප්‍රධාන නිෂ්පාදන රැසකට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක් - දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අණ

ප්‍රධාන නිෂ්පාදන රැසකට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක් - දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අණ