මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි
මේවන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ රජයේ ප්‍රධාන තනතුරු දරන අය වාර්ෂිකව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්රකාශනයක් ඉදිරිපත් කිරීම සිදුකරන අතර එලෙස ඉදිරිපත් කෙරූ වත්කම් පිළිබදව මේ දිනවල බහුතරයක් දෙනා කතා බහ කරයි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතාට වත්කම් ලැබුණු හැටි පිළිබඳව එතුමාම අදහස් ඉදිරිපත් කළේ පහත ආකාරයටයි.
"මම වත්කම් බැරකම් ප්‍රකාශය පුරවන්න පටන් අරන් දැන්අවුරුදු විසක් විතර වෙනවා විස්සක් විතර මම වත්කම් බැරකම් ප්‍රකාශය දෙනවා හැම අවුරුද්දේම ඒ මුල් කාලේ වත්කම් බැරකම් ප්‍රකාශය අපි මුල්ම වතාවට දෙනකොට ඒකේ තිබ්බේ චුට්ටයි. ලියන්න දේවල් නැති තරම් ඔය නෝනගේ රත්තරන් බඩු චුට්ටක් ඒ වගේ ටිකක් තමයි තිබ්බේ.
එක පාරටම මගේ වත්කම් බැරකම් එක අවුරුද්දකදී ඉහළ ගියා බර ගානක්.ඒ උනේ මගේ අම්මයි තාත්තයි දෙන්නම මිය ගියාට පස්සේ ඒ ඉඩම් සියලුම දේ පවුලේ එකම පිරිමි දරුවා විදියට මට තමයි ලැබුණේ.
ඒ අනුව ඊළඟ වත්කම් බැරකම් ප්‍රකාශ පුරවද්දි මම ඒක ඇතුළු කරලා දාලා තියෙනවා.ඉතිං ඒ වගේ පඩියක් ලැබෙන්නම ඕනි නැහැ වත්කම් බැරකම් හදාගන්න.ඉතින් මේ අපිම පුරෝලා දීපුවා."
යනුවෙන් අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ විරුද්ධ පාක්ෂිකයන් මේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරමින් ජනතාව තුළ වෛරීය සිතුවිල්ලක් ඇති කරන්න උත්සාහ දරන බවයි.