ශ්‍රී ලංකාවට පැමිණි ලෝක අවිවාහක රූ රැජිණ.

By Hashini Sep 20, 2023 08:03 AM GMT
Report

ලෝක අවිවාහක රූ රැජිණ ලෙස ( Miss Queen of the World ) කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි ලෝක අවිවාහක රූ රැජිණ. | Unmarried Miss World Came To Sri Lanka

ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරඟාවලියේ අවසාන මහා තරඟයට සහභාගී වීම සඳහායි.

ඇය ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරඟය කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී අනිද්දා (22) දින පැවැත්වීමට නියමිතය .

එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරඟාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය .

ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කිරීමට ද නියමිතය . 

ශ්‍රී ලංකාවට පැමිණි ලෝක අවිවාහක රූ රැජිණ. | Unmarried Miss World Came To Sri Lanka