Colombo Marathon තරගාවලිය පැවැත්වෙන දිනය මෙන්න

By Ashfa Apr 27, 2026 01:06 PM GMT
Report

අද (27) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට සංවිධාන කරනු ලබන 'Colombo Marathon' තරගාවලිය ලබන සැප්තැම්බර් මස කොළඹදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ආරම්භ වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

එම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ, මෙම ඉසව්ව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සිතියම තුළ ප්‍රමුඛ ස්ථානයකට රැගෙන ඒමට ඉවහල් වන බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?

මේ සඳහා දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට අධික සංඛ්‍යාවක් සහභාගීවීමට නියමිතය. මෙම තරගාවලිය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දායකත්වය විදහා දක්වන සාධකයක් ද වනු ඇත.

තරගාවලිය පූර්ණ මැරතන් (කි.මී. 42.195), අර්ධ මැරතන් (කි.මී. 21.097), කි.මී. 10 ධාවන තරගය, කි.මී. 5 විනෝද ධාවනය සහ කි.මී. 1–2 ළමා කුඩා මැරතන් යන අංශ යටතේ පැවැත්වේ. මෙහි තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සුදුසුකම් ලත් විනිසුරුවන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

සුළු මොහොතකට පෙර රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්

සුළු මොහොතකට පෙර රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්