නැවතත් රටම බිය ගන්වමින් හඳුනානොගත් බෝම්බ තොගයක්..(PHOTOS)

STF MULATHIW PUDUKUDU IRIPPU BOMB UDHAYAR KATTU
By Sewvandhi Nov 01, 2021 01:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යුදසමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදනය කල බවට සැකකෙරෙන හඳුනානොගත් බෝම්බ තොගයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයේ වලදමා තබියදී සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී මෙම බෝම්බ තොගය සොයාගනු ලැබීය.

එහිදී හඳුනානොගත් බෝම්බ 21 ක් සහ මිලිමීටර් 60 මෝටර් උණ්ඩයක්ද තිබී ඇති අතර හඳුනානොගත් බෝම්බ විදෙස් රටක නිශ්පාදනය නොවන බවට අනාවරනය වීම නිසා කොටි සංවිධානය විසින් මෙම බෝම්බ නිශ්පාදනය කොට ඇති බවට ආරක්ෂක අංශ සැකපල කර සිටියි.

සොයාගත් බෝම්බ මුලතිව් මහෙස්ත්‍රත් අධිකරණයේ නියෝගයන් යටතේ නිශ්ක්‍රී කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery