විශ්වවිද්‍යාල සිසුන් හමුදාව සමග විශාල ගැටුමක් (VIDEO)

VACCINATION sl army KALANIYA MODERNA University srilanka
By Sewvandhi Sep 25, 2021 07:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරන මධ්‍යස්ථානය තුළ නොසන්සුන් තත්වයක් ඇති වුණා. ඒ, සිය කොවිඩ් මර්ධන එන්නත ලෙස “මොඩර්නා” එන්නත ලබා ගැනීමට පැමිණි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන්. අදාළ එන්නත එම ස්ථානයෙන් ලබානොදෙන බවට යුද හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්වය ඇති වී තිබෙනවා.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරන මධ්‍යස්ථානයට මොඩර්නා එන්නත ලබා ගැනීම වෙනුවෙන් විශ්ව විද්‍යාල කිහිපයකම සිසුන් පැමිණ සිටි බවයි වාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් එම ස්ථානයෙන් මොඩර්නා එන්නත ලබා දුන්නේ විදේශගත අධ්‍යාපනය සඳහා පාස්පෝට් සහිත සිසුන් සඳහා පමණක් බවයි යුද හමුදාව පැවසුවේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි බව එහි පැමිණ සිටි සිසුන් ප්‍රකාශ කළා.

අද (25) සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4:00 දක්වා යුද හමුදා රෝහලේදී “මොඩර්නා” එන්නත එන්නත, තම ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කර ලබාගත හැකි බව අදාළ ලිපියේ දැක්වෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරියගේ නම සටහන් කරමින් සහ එම විශ්වවිද්‍යාලයේ බවට සඳහන් ලිපි ශීර්ෂයක මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. 

ඉන්පසුව ඊයේ දින එය නොවැලැක්විය හැකි හේතුවක් මත වුණත් කරන වැඩසටහන අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාලය විසින් සිසුන්ට ඊමේල් හරහා දැනුම්දී තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් හමුදාව සමග විශාල ගැටුමක් (VIDEO) | University Students Clash With Army

එම ලිපිය පහතින්...

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery