Whatsapp එකෙන් කෙල්ලට ඡායාරූපයක් යවලා විශ්වවිද්‍යාල සිසුවා කරගත් දේ.

Sri Lanka
By Wayomi Feb 22, 2023 05:10 AM GMT
Wayomi

Wayomi

Report

 ඇඳ ඇතිරිල්ලක් ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන සිය ඡායාරූපයක් පෙම්වතියට යවා විශ්වවිද්‍යාල සිසුවකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දේශාන් හස්තසිංහ නමැති 22 හැවිරිදි සිසුවෙකි.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා තරුණියක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව තරුණිය කිසියම් හේතුවක් මත සබඳතාව නතර කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු මෙලෙස දිවි තොර කරගෙන ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

විශ්වවිද්‍යාලයට යාමට පහසුවක් ලෙස මෙම සිසුවා පන්නිපිටිය ප්‍රගති මාවතේ පදිංචි ඔහුගේ මිතුරකුගේ නිවසේ කාමරයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

සිසුවා විදුලි පංකාවක ගෙල වැළලා ගෙන ඇති අතර මොහොතකට පෙර ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට Whatsapp ඔස්සේ යොමුකර තමන් මිය යන බවට කෙටි පණිවුඩ කිහිපයක් ද යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දී ඇති අතර, සිසුවාගේ පියා ඇතුළු ඥාතීන් පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. නමුත්, ඒ වනවිටත් ඔහු මිය ගොස් සිට තිබෙනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW