ඉදිරි මාසවල ගෑස් සැපයුම ගැන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ විශේෂ හෙළිදරව්වක්

Report

මෙරට ගෑස් අවශ්‍යතාව එළඹෙන දෙසැම්බර් මාසයේ අඛණ්ඩව සපුරාලීම අරමුණු කරගනිමින් ගෑස් මෙට්‍රික් ටොන් 45,000ක තොගයක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මේ වන විටත් ඇණවුම් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ .

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව නියමිත කාලසීමාවන් තුළ ජනතාවට ප්‍රමාණවත් ගෑස් සැපයුමක් ලබාදීමට සමාගමට හැකිවනු ඇති බවයි.

මේ අතර, නොවැම්බර් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 44,000ක් ලිට්‍රෝ සමාගම විසින් ඇණවුම් කර ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් 23,400ක් මේ වන විටත් මෙරටට ලැබී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කර තිබේ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් හෙට (18) දිනයේදී මෙරටට ළඟාවීමට නියමිත බවද ඔහු සදහන් කරයි

තවද වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්වීම සහ අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් ප්‍රමාණය ද ඉහළ නංවා ඇත

"2027 ජනවාරි වනවිට හැමකෙනාගෙම ගෙදර ගෙනියන වැටුප වැඩිවෙලා තියෙන්නේ – තවත් දීමනා දෙන්න පුළුවන් නම් දෙනවා" – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

"2027 ජනවාරි වනවිට හැමකෙනාගෙම ගෙදර ගෙනියන වැටුප වැඩිවෙලා තියෙන්නේ – තවත් දීමනා දෙන්න පුළුවන් නම් දෙනවා" – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

"නොවැම්බර් මාසයට ලිට්‍රෝ සමාගම විසින් මෙට්‍රික් ටොන් 44,000ක තොගයක් ඇනවුම් කරලා මේ වන විට 23,400ක් දිවයිනට ලැබිලා තියෙන්නේ. තවත් මෙට්‍රික් ටොන් 3,900ක LP ගෑස් තොගයක් රැගත් නැව නොවැම්බර් 18 වෙනිදා දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. නොවැම්බර් 10 වැනිදා ඉඳලා ගත වූ දින 7 තුළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ 8ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. දෙසැම්බර් මාසයේදී ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙට්‍රික් ටොන් 45,000ක ගෑස් තොගයක් ලිට්‍රෝ ගෑස් සමාගම ඇනවුම් කරලා තියෙනවා. ඒ අනුව නිසි පරිදි නිසි කාලයට ඒවා ලැබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම වෙළෙඳපොළට නිකුත් කරන ප්‍රමාණය වැඩි කළා. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 32,000යි නිකුත් කරන්නේ ඒක දැන් 45,000 දක්වා වැඩි කරලා තියෙන්නේ"