ජාත්‍යන්තර ගුවන් තොටුපළ 4කදී ශ්‍රීලන්කන් යානාවලට ඉන්ධන සැපයීමට ජාත්‍යන්තර සමාගම් දෙකක් තෝරාගැනේ – සම්පූර්ණ විස්තරය මෙන්න

Report

ෆ්‍රෑන්ක්ෆර්ට්, ඉන්චියොන්, ලාහෝර් සහ අහමදාබාද් යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවලදී ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා ගුවන් ඉන්ධන සැපයීම වෙනුවෙන් ගිවිසුම් හතරකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ගිවිසුම් හතරේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12.97ක් පමණ වන බව රජය සඳහන් කරයි. තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුව ජාත්‍යන්තර සැපයුම්කරුවන් දෙදෙනෙකු වෙත මෙම ගිවිසුම් පිරිනමා තිබේ.

අදාළ ගුවන් තොටුපළවල් හතර සඳහා ගුවන් ඉන්ධන සැපයුම්කරුවන් තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය (Limited International Competitive Bidding) යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු අටක් ඉදිරිපත් වී තිබුණි.

ලංසු ඇගයීමේ කටයුතු සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය කොන්දේසි සපුරාලූ අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවන් වෙත අදාළ ගිවිසුම් පිරිනැමීමට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, World Fuel Services Trading DMCC (WFS) ආයතනය වෙත ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා ඇමරිකානු ඩොලර් 240,021.32ක වටිනාකමකින් යුත් ගිවිසුමක් සහ ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ සඳහා ඇමරිකානු ඩොලර් 293,455.61ක වටිනාකමකින් යුත් ගිවිසුමක් පිරිනමා තිබේ.

මෙම ගිවිසුම් දෙකම 2026 නොවැම්බර් 1 වැනිදා සිට 2028 දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර, Aviation Service Management FZE (ASM) ආයතනය වෙත අහමදාබාද් ගුවන් තොටුපළ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.95ක වටිනාකමකින් යුත් ගිවිසුමක් පිරිනමා ඇති අතර, එය 2026 නොවැම්බර් 15 වැනිදා සිට 2028 දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

එම සමාගම වෙත ලාහෝර් ගුවන් තොටුපළ සඳහා ද ඇමරිකානු ඩොලර් මිලියන 6.48ක වටිනාකමකින් යුත් ගිවිසුමක් පිරිනමා තිබේ. එම ගිවිසුම 2026 දෙසැම්බර් 1 වැනිදා සිට 2028 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වීමට නියමිතය.

ඒ අනුව, අදාළ ගුවන් තොටුපළවල් හතරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් ඉන්ධන සැපයීම සඳහා වන මෙම ගිවිසුම් සියල්ල 2028 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න