දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාලවල දැවැන්ත අර්බුදයක් - විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක්

Report

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා අද (09) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, පවතින අර්බුද සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කළ බවයි.

එසේම රජය විසින් අලුතින් විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කිරීමට ගෙන ඇති යෝජනාව පිළිබඳව ද ලේකම්වරයා එහිදී අදහස් පළ කර ඇති බව සඳහන්.

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

ඔහු පෙන්වා දී ඇත්තේ අධ්‍යාපනය පුළුල් කිරීම සාධනීය කරුණක් වුවද, දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 17 පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් තුළ නව විශ්වවිද්‍යාල ඇති කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එසේම පවතින විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඉකුත් සතියේ දහවල් විවේක කාලය තුළ විරෝධතා ව්‍යාපාරවල නිරත වූ බවත්, රජයේ නිහඬ පිළිවෙත හමුවේ අද දිනයේ දීපව්‍යාප්තව වැඩවර්ජනය කරමින් සිය විරෝධය පළ කරන බවත් චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් පැවසූ බව සඳහන්.

ධන ලාභ, හිතෙ සහනය සහ සුබ ආරංචි ලැබෙන අද දවස මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් වාසනාවක්

ධන ලාභ, හිතෙ සහනය සහ සුබ ආරංචි ලැබෙන අද දවස මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් වාසනාවක්

ඊයේට වඩා අද කැරට් 24 රන් පවුම ගණන් යයි - වාර්තා වූ නවතම මිල ගණන් මෙන්න

ඊයේට වඩා අද කැරට් 24 රන් පවුම ගණන් යයි - වාර්තා වූ නවතම මිල ගණන් මෙන්න