මේ සේවය වෙනුවෙන් ඇ. ඩොලර් මිලියන 100 ක විශේෂ වැඩපිළිවෙළක් - පළමු අදියරය මේ දිස්ත්‍රික්ක 6 තුළ ක්‍රියාත්මකයි
වැඩිහිටි සත්කාර සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හදුනාගනිමින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව තෝරාගත් දිස්ත්‍රික්ක 6ක් තුළ පළමු අදියරේ දී එය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 56%ක් පමණ බහු අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටියි.
විශේෂයෙන් කාන්තාවන්, තරුණයන්, වැඩිහිටියන් ආබාධ සහිත පුද්ගලයන් සහ ග්‍රාමීය සහ වතු ආශ්‍රිත ප්‍රජාවට ද මෙය දැඩි ලෙස බලපා ඇති බව සඳහන්.
මෙම තත්ත්වය දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ධනය වී ඇති අතර සමාජ ආරක්ෂණය රැකියා හා ජීවනෝපාය අවස්ථා සහ වැඩිහිටි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇත.
එබැවින් ආසියා සංවර්ධන බැංකුවේ ඇමෙරිකා ඩොලර් මිලියන සියයක සහන ණය මුදලක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙය කෑගල්ල, මාතලේ, මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව සඳහන්.
එසේම මේ යටතේ තිරසර හා ගුණාත්මක දිගුකාලීන වැඩිහිටි සුරැකුම් සේවාවක් වෙනුවෙන් වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 5ක් ස්ථාපනය කරන බව වාර්තා වේ.