ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණට
ප්‍රමුඛතම කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියෙන් කණ්ඩායම් 3ක් ඉවත් කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ බව බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා මහතා පවසයි.
බදුරලිය ක්‍රීඩා සමාජය ඇතුළු ක්‍රීඩා සමාජ 3ක් ප්‍රමුඛතම කාණ්ඩයෙන් පහත හෙළීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බව සභාපතිවරයා පෙන්වා දෙයි.
මෙම අර්බුදය හමුවේ වුවද, බදුරලිය ක්‍රීඩා සමාජය පසුගිය සතියේ පැවැති අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛතම කාණ්ඩයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.