මන්දගාමී පන්දුවාර වේගය නිසා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට ICCයෙන් දඩ
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දඩ පනවා තිබේ.
නියමිත කාලය තුළ එක් පන්දුවාරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල වී ඇති අතර, ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට තරග ගාස්තුවෙන් සියයට 5ක (5%) දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
එල්ල වූ මෙම චෝදනාව සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායම වරද පිළිගෙන ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරයි.