සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත පාරේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක තිබූ මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය බව කියන එහි සේවය කළ තරුණයෙකු සහ ඔහුගේ බිරිඳ සොයා තලංගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මාස එකහමාරක පමණ කාලයක් එහි සේවය කර ඇති මෙම සැකකරුට නවාතැන් හා ආහාර පාන ද සපයා තිබියදී, ඉකුත් 04 වනදා රාත්‍රියේ රුපියල් 38,000ක් වටිනා යන්ත්‍ර දෙකක් සහ රුපියල් 25,000ක මුදලක් (මුළු වටිනාකම රු. 63,000ක්) සොරාගෙන පලාගොස් ඇති බව හිමිකරු පැමිණිලි කර ඇත.
පලායාමට පෙර සැකකරු විසින් සිය බිරිඳගේ හිසකෙස් රෝස පැහැයට වර්ණ ගන්වා (වටිනාකම රු. 7,000ක්) ඇති අතර, එම සියලු සිදුවීම් සීසීටීවී (CCTV) කැමරාවල සටහන් වී තිබේ.
25 හැවිරිදි පාලවිය, වන්නියටිව් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු ඇතුළු යුවළ, මීට පෙර හංවැල්ල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක ද මෙලෙසම සොරකම් කර පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.