සියලුම ගොවීන්ට සුබම සුබ පණිවිඩයක් - ආයේ පොහොර ප්‍රශ්න නෑ

Report

2026 යල කන්නය සඳහා අවශ්‍ය පොහොර සංචිත හිඟයකින් තොරව සැපයීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් නිකුත් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මෙරට ප්‍රමුඛ පෙළේ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ සහ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතම කාර්යය බවයි.

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් ජාලවලට යම් බාධා එල්ල වී ඇති පසුබිමක, මෙවර යල කන්නයේ වගා කටයුතුවලට අවශ්‍ය පොහොර වෙළෙඳපොළ තුළ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

එමෙන්ම මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සමස්ත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 125,000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

සියලුම උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල නීවේදනයක් - අප්‍රේල් 24 දක්වා පමණි

සියලුම උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල නීවේදනයක් - අප්‍රේල් 24 දක්වා පමණි

ඉන් මෙට්‍රික් ටොන් 83,000ක් වී වගාව සඳහා ද, ඉතිරි මෙට්‍රික් ටොන් 42,000ක ප්‍රමාණය අනෙකුත් බෝග වගාවන් සඳහා ද වෙන් කිරීමට නියමිතය. මෙම අවශ්‍යතාව නිසි කලට සපුරාලීම සහතික කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව සැපයුම් ජාලය ශක්තිමත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි.