සියලුම උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල නීවේදනයක් - අප්‍රේල් 24 දක්වා පමණි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව මෙම අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කෙරෙන අතර, ඒ සඳහා ලබන අප්‍රේල් මස 24 වනදා දක්වා කාලය ලබා දී තිබේ.
ඒ අනුව විභාග අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස එහි දක්වා ඇති උපදෙස් මාලාවට අනුව නිවැරදිව දත්ත ඇතුළත් කර තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම විදුහල්පතිවරුන් මඟින් අයදුම්පත් යොමු කළ යුතු අතර, විදුහල්පතිවරුන් තමන් වෙත ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කරමින් එම කටයුතු සිදු කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් පද්ධතියට ඇතුළු වී තනිවම අයදුම්පත් යොමු කළ යුතු බවත්, අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගැනීම අත්‍යවශ්‍ය බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය කිසිසේත් දීර්ඝ නොකරන බැවින් නියමිත කාලසීමාව තුළ අයදුම්පත් යොමු කිරීමට පියවර ගන්නා ලෙස සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112785922, 0112784537 වැනි දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකිය.
එසේම gcealexam@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ද අවශ්‍ය සහාය ලබා ගැනීමට අපේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇත.