කොළඹ වරායට නුදුරු මුහුදේ මෘත ශරීරයක්

Report

කොළඹ වරායට නුදුරු මුහුදේ මෘත ශරීරයක් පාවෙමින් පවතින බවට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැත.

තත්ත්වය දරුණුයි - ජනතාවට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

තත්ත්වය දරුණුයි - ජනතාවට විශේෂ නිවේදනයක් - ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

මියගිය පුද්ගලයා උස අඩි 5 අඟල් 6ක් පමණ වන, කොණ්ඩය කොටට කපා රැවුල වවා ඇති අයෙකු බව හඳුනාගෙන තිබේ.

මියයන අවස්ථාවේ ඔහු කළු පැහැති කොට කලිසමකින් සහ දුඹුරු පැහැති කමිසයකින් සැරසී සිට ඇත.

සොයාගත් මෘත ශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 

මේ රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක් - සෑම බදාදා දිනකම ක්‍රියාත්මකයි

මේ රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක් - සෑම බදාදා දිනකම ක්‍රියාත්මකයි