රට පැනපු පාතාලයෙකු අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. රොටුඹ අමිල, සම්පත් සේපාල රත්නායක හෙවත් අමිල සම්පත් ලෙසද හැඳින්වෙයි, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාතාල නායකයෙකි.

දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා අස්වෙයි?

දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා අස්වෙයි?

ඔහුට විවිධ අපරාධ චෝදනා එල්ල වී ඇති අතර, ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව 2019 වසරේ ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

2018 10.27 දින මාතර, රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය ඩුබායි සිට මෙහෙයු බවට දුරකතන විශ්ලේෂන වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශන වලදී අනාවරණය විය.