පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

Report

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඔහු මෙහෙයවූ පාතාල කල්ලියට නායකත්වය දීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ නේවි දිනේෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයෙකි‍.

මොහු තිරය පිටුපස සිට මෙම පාතාල කල්ලිය මෙහෙයවීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින අතර, සිය සගයන් යොදා ගනිමින් මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවල ද නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.

මේ වන විට ප්‍රංශයේ සැඟවී සිටින බව කියන ‘නේවි දිනේෂ්’ නමැත්තා ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට දුරකථන ඇමතුම් වලින් අමතා පවුල් පිටින් ඝාතනය කරන බවට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නේවි දිනේෂ් නමැත්තාගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගැනීම නිසා කෝපයට පත්වී මොහු මෙම තර්ජන එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කර සිටි.

ඉකුත් 15 වැනිදා සිට මෙම තර්ජන දිගින් දිගටම පොලිස් නිලධාරීන් වෙත එල්ල වෙමින් තිබෙන බව ද දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව මෙම ඇමතුම් ඩුබායි රාජ්‍යයේ සහ ප්‍රංශයේ සිට ලැබී ඇති බවට වාර්තා වේ.

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)

නේවි දිනේෂ් නමැත්තාගේ පියා සහ සොහොයුරා මත්ද්‍රව්‍ය සමග ගම්පහ පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට සහ විමර්ශන භාර පොලිස් කොස්තාපල්වරයාට දුරකථනයෙන් කතා කර ඇති නේවි දිනේෂ් නමැත්තා, පවුල් පිටින් ඝාතනය කර විනාශ කරන බව කියමින් තර්ජන එල්ල කර තිබේ.

චෙරි මලින් වැසී ගිය වොෂින්ටනය

චෙරි මලින් වැසී ගිය වොෂින්ටනය

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති අතර, අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකර ඇත. 

ට්‍රම්ප්ගෙන් පුටින්ට තර්ජනාත්මක ප්‍රකාශයක්!

ට්‍රම්ප්ගෙන් පුටින්ට තර්ජනාත්මක ප්‍රකාශයක්!