උමාරියාට රිය පැදවීම තහනම් කරයි..
Sri lanka
By Sithumi
රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හැර තිබේ.
රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
ඇප මත නිදහස් කලද ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර ඇත.
උමාරියා විසින් පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ