මගේ විවාහය උත්සව මොකුත් නැතුව හරිම චාම් විදිහට සිදු වේවි – ඉතාම ලගදි විවාහා වෙන උමාලි තිලකරත්න (VIDEO/PHTOS)
උමාලි තිලකරත්න කියන්නේ කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය බොහෝ අංශයන් ඔස්සේ කුසලතා දක්වනවා. රංගන ක්ෂේත්රය ඔස්සේත් ගීත ගායන ක්ෂේත්රය ඔස්සේ ත් නර්තන ක්ෂේත්රය ඔස්සේ ත් අධ්‍යාපන ක්ෂේත්රය ඔස්සේ ත් මහත් දස්කම් දක්වන මේ අපූරු රුවැත්තිය සැබැවින්ම කලා ලොවට ආලෝකයකි
. පසුගිය දිනවල දී ඇය පිළිබඳව සමාජයේ කොයි කවුරුත් අතර වැඩි කතා බහට ලක්වූයේ ඇයගේ විවාහය දෙදරා යාමත් සමඟයි. කලා ක්ෂේත්රය තුළ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර එක්ක තමයි ඇය පළමු වරට විවාහ වන්නේ. නමුත් ඔවුන් අතර ඇති වූ යම් යම් මත බේදාත්මක ගැටලු නිසා ඔවුන්ගේ විවාහයට වැඩි ආයුෂ තිබුනේ නෑ. මේ වන විට සාරංග දිසාසේකර ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වී සිටින අතර ඔවුන්ට කුඩා දියණියක් ද සිටිනවා.
ඉතින් මේ වන විට දැනගන්නට ලැබුණු ආරංචි වලට අනුව උමාලි තිලකරත්නත් දෙවන වරට විවාහ වෙන්න තමයි සූදානම් වන්නේ. ඉතිං එම විවාහය සඳහා උමාලිගේ පියා විසින් ලක්ෂ දෙසීයකටත් වඩා වැඩි වටිනාකමකින් යුත් නිවෙසක් තෑගි ලැබුණ බවට කට කතාවකුත් පළවුණා. ඉතින් ඒවායේ ඇත්ත නැත්ත හරියටම අපි දන්නෙ නැහැ.
සමහරු කියන විදිහට එම ගේ උමාලි සහ ඇය විවාහ වෙන්න ඉන්න පුද්ගලයා එකට එක්වී ගොඩනැගූ බව කියනවා. කෙසේ නමුත් අපිට ආරංචි වෙන විදියට මනෝ විද්‍යාව සම්බන්ධ කතිකාචාර්ය වරයෙකු සමග තමයි උමාලි දෙවන වරට විවාහ වෙන්නට යන්නේ.විවාහ වී මනෝ විද්‍යාව සම්බන්ධව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට තමයි ඇය බලාපොරොත්තු වෙනවා කියන්නේ.
ඉතින් පළමු විවාහයේ දී උමාලි සහ සාරංග ඔවුන්ගේ විවාහයට ඉතා විශාල ලෙස මුදල් වැය කලා. උත්සව කීපයක්ම ඔවුන් දෙපළ ගත් බව ඒ දවස්වල අපි දුටුවා. ඉතින් මේ පාර නම් උමාලි ඒ වගේ විචිත්‍රවත් උත්සව ගන්නෙ නැති බව තමයි අපිට ආරංචි වෙන්නෙ.
තම විවාහය ඉතාම චාම් අයුරින් අරගන්න ලෑස්ති වෙන බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් කොහොම උනත් නව යුග දිවියකට සැරසෙන උමාලිගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
උමාලි සහ සාරංගගෙ කලක් සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව පහතින් නරඹන්න 👇
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |