එක්සත් රාජධානියට දරාගත නොහැකි තරමේ අධික සීතලක්
By Kanchana
එක්සත් රාජධානියේ මෑත කාලීනව සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දින ඊයේ (21) රාත්‍රියේ උදා වූ බව පවසයි .
ඒ වගේම ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීම මීට හේතු වූ බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ .
තවද වසර 15කට පසු නොවැම්බර් රාත්‍රියක වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස මෙය වාර්තා වීම සුවිශේෂීත්වයකි.
ඒ වගේම ස්කොට්ලන්තයට අමතරව වේල්සයේ උෂ්ණත්වය -7.2Cක් දක්වාද, උතුරු අයර්ලන්තයේ උෂ්ණත්වය -6Cක් දක්වාද, එංගලන්තයේ උෂ්ණත්වය -6.7C දක්වාද පහත වැටී ඇත.
එය සදහන් වන්නේ ජනවාරි 11න් පසු එම රටවල වාර්තා වූ සීතලම රාත්‍රියන් වන බවටයි.
මේ හේතුව නිසා සෞඛ්‍ය බලධාරීන් වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය අවදානම් ඇති පුද්ගලයන්ට අනතුරු ඇගයීමක් සිදු කර තිබේ.
තවද ඇතැම් ප්‍රදේශවල අඟල් කිහිපයක් උස හිම පතනයක් ඇති බව වාර්තා වේ.