මේ උසස්පෙළ සිසුන්ට විශේෂ දැනුවත්කිරීමක්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවත්, ඒ නිසා ගමනාගමන අපහසුතාව ඇතිව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇත.
එබැවින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු කිහිපයක් මේ වනවිට යොදවා තිබෙනවා.
මේ පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළා.