යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී බිහිසුණු අනතුරක්

Report

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල වනමල් උයන ප්‍රදේශයේ දී අනුරාධපුර දෙස සිට මරදන්කඩවල දෙස බලා ධාවනය වූ ස්කුටර් වර්ගයේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

අද (20) පස්වරු 3ට පමණ සිදුවූ අතර මෙම අනතුරින් මරදන්කඩවල පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක රැකියාවක නියුතු 25 හැවිරිදි තරුණයකු මෙසේ බරපතළ තුවාල ලබා ඇති වග වාර්තා වෙයි .

මොහු අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ සිය නිවසේ සිට රාජකාරි කරන ස්ථානයට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබේ.

දරුණු අනතුරක් - එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක් ප්‍රපාතයකට

දරුණු අනතුරක් - එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක් ප්‍රපාතයකට

පසුව ප්‍රදේශවාසීන් එක්ව 1990 ගිලන් රථ සේවයට දැන්වීමෙන් අනතුරුව ඔවුන් පැමිණ අනතුරට පත් තරුණයා මරදන්කඩවල රෝහලට ඇතුළත් කර ඇත.

  තුවාල ලැබූ තරුණයාගේ පපු ප්‍රදේශය විදුලි කණුවේ ගැටී ඇති අතර ඉලඇට කිහිපයක් සහ කොඳු ප්‍රදේශය බිඳී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් ගිලන් රථයේ සේවකයින් සදහන් කර ඇත.

  මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් රථවාන අංශය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.