හෙටින් ඇරඹෙන සාම පා ගමනේ කාලසටහන මෙන්න

Report

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් "Walk For Peace" සාම පාගමන, ශ්‍රී ලංකාවේදී "ඒහිපස්සිකෝ" නමින් හෙට (21) ආරම්භ වේ. ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක් පාගමනින් වැඩම කළ පඤ්ඤාකර හිමියන් හෙට අලුයම දිවයිනට වැඩම කරන අතර, අනතුරුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් සහිතව මෙම පාගමන දඹුල්ලෙන් ආරම්භ වීමට නියමිතය.

අනිද්දා (22) දඹුල්ලෙන් ඇරඹෙන පාගමන මාතලේ, මහනුවර, මාවනැල්ල, තෝලංගමුව සහ යක්කල හරහා ගමන් කර අප්‍රේල් 27 වනදා කැලණිය රජමහා විහාරයට ළඟා වේ.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් නිමාව දකින මෙම පාගමනේ සමාප්ති උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී මහා බෝධි අංකුරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පූජා කිරීම සිදුකෙරේ.

මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහාය හිමිව ඇත.පාගමනේ ගමන් මාර්ගය,

අප්‍රේල් 21කටුනායක → අත්තනගල්ල → අනුරාධපුරදිවයිනට වැඩම කිරීම සහ බෝධි අංකුරය පූජා කිරීම

අප්‍රේල් 22දඹුල්ල → මාතලේ අළු විහාරයසාම පාගමන ආරම්භයඅප්‍රේල් 23මාතලේ → මහනුවරශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම.

අප්‍රේල් 24මහනුවර → මාවනැල්ලබෙලිගම්මන විහාරයට පැමිණීම

අප්‍රේල් 25මාවනැල්ල → තෝලංගමුවතෝලංගමුව ජාතික පාසලෙන් අවසන් වීම

අප්‍රේල් 26තෝලංගමුව → යක්කලඅබේසේකරාරාමයට පැමිණීම

අප්‍රේල් 27යක්කල → කැලණියකැලණිය රජමහා විහාරයට සැපත් වීම

අප්‍රේල් 28කැලණිය → නිදහස් චතුරස්‍රය → ගංගාරාමය රාජ්‍ය උත්සවය සහ පාගමනේ නිමාව

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - හෙට දිනය දක්වා වලංගුයි

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - හෙට දිනය දක්වා වලංගුයි